මැනිලා, පිලිපීනය (2023 මැයි 29) — ආසියානු සංවර්ධන බැංකුව විසින් ආර්ථික ස්ථායීකර ණය උදෙසා ශ්‍රී ලංකා වේ අයවැය වෙනුවෙන් අද දිනයේදී ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති-පාදක ණයක් අනුමත කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් ගෙන එන්නාවූ පුළුල් මූල්‍ය ආධාර පැකේජයක කොටසකි. ශ්‍රී ලංකාව සඳහා වන එකී විස්තීරණ අරමුදල් පහසුකම ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරී ම ට මෙන් ම තිරසාර වර්ධනය සඳහා අඩිතාලම දැමීම අරමුණු කරයි.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ඉහළ උද්ධමනය විසින් ක්‍ර ය ශක්තිය දුර්වල ක ර ඇති අත ර, ජීවනෝපායන් ද බලපෑමට ලක්වී, අතීතයේ ලත් සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරවී ඇත.

"රටේ පවතින උග්‍ර අර්බුදය පිළිබඳ ව මෙන් ම ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට සහ අවදානමට ලක්විය හැකි කාණ් ඩ, විශේෂයෙන් කාන්තාවන්ට, එමගින් සිදුව න බලපෑම පිළිබඳ ව ආසියානු සංවර්ධන බැංකුව සැලකිලිමත් වෙනවා" යනුවෙන් එහි සභාපති මසට්සුගු අසකාවා පැවසීය. "ශ්‍රී ලංකාව එහි වත්මන් අභියෝග ජය ගැනීමට ක්‍රියා කරන විට මෙන් ම ආර්ථික ස්ථායීකරණය, තිරසාර ලෙස යථා තත්වයට පත්වී ම සහ සාර්ව සහභාගීත්වයකින් යුතු වර්ධනය සඳහා යොමුවූ ඉදිරි පියවර වලදී ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැ ඳ ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව කැපවී සිටී."

ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර අසමතුලිතතාවයන්ට හේතු වූ කරුණු විසඳීමට සහ තිරසාර ණය පථයකට නැවත පැමිණීම සඳහා පැහැදිලි ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇත. යථා තත්ත්වයට පත්වී ම සඳහා දිගු මාවතකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතර, බදු ආදායම් එකතු කිරීම ඉහළ නැංවීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, රාජ්‍ය ව්‍යවසායවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, මහ බැංකුවේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය සහතික කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, සහ පාලන රාමු ශක්තිමත් කිරීම ඇතුළු අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් නොසැලී සිටිය යුතුය. මෙම ක්‍රියාමාර්ග ගන්නා බැවින්, ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් සහතික කිරීම අත්‍යවශ්‍ය ය. පාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වනු ඇත.

ප්‍රතිසංස්කරණ වටා එකඟතා ව ගොඩනැගීමේදී විනිවිදභාවය සහ විවෘත සන්නිවේදනය තීරණාත්මක වනු ඇත. ව්‍යුහාත්මක බාධා ඉවත් කිරීම සඳහා උදව් කිරීමට සහ අනාගත සැලසුම් සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකා රජය, අනෙකුත් පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වනු ඇත.

අර්බුදය පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට ආසියානු සංවර්ධන බැංකුව සහාය දක්වා ඇත. 2022 දී, ආසියානු සංවර්ධන බැංකුව විසින් මූලික පහසුකම් සහ ජීවනෝපාය පවත්වා ගැනීම සඳහා සහාය වීමට සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් හදිසි සහය ලබා දෙන ලදී. පොහොර, ඖෂධ, ජල පිරිපහදුව සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙන් ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධනය, සහ ඉතා දුප්පත් සහ අවදානමට ලක්වූවන් සඳහා මුදල් ප්‍රදා න වෙනුවෙන් සහාය වීම සඳහා හදිසි ප්‍රතිචාරයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් මිලියන 334 ණය නැවත අරමුණු ගත කර න ලදී. ආසියානු සංවර්ධන බැංකු වෙළඳ සහ සැපයුම් දාම මූල්‍ය වැඩසටහන හරහා වෙළඳ මූල්‍ය මාර්ග විසින් අර්බුද කාල ය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සහාය විය.

අන්ත දරිද්‍රතාවය තුරන් කිරීමට දරන ප්‍රයත්න අඛණ්ඩව පවත්වා ගනිමින් සමෘද්ධිමත්, සාර්ව සහභාගීත්වයකින් යුතු, ඔරොත්තු දෙන, සහ තිරසාර ආසියා සහ පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව කැපවී සිටී. 1966 දී පිහිටුවන ලද, එය සාමාජිකයින් 68 දෙනෙකුට හිමිකාරීත්වය දරයි - 49 ක් කලාපයෙනි.

Media Contact

SHARE THIS PAGE